අද (2011-04-10) හරිම සුන්දර දවසක්. වසර 20 කට පෙර, එවකට රුහුණ විශ්ව විද්‍යාලයේ ඉතා ලබැඳි සුන්දරත්වයෙන් ජීවත් වූ අප හට අතීත ස්මරණයක් වන්නට ඉඩක් ලද නිමේෂයේ දී අප හැම අද උණවටුණේ "දෙවෙනි නිවහන Second Home" හිදී හමුවුණා. අදට සති දෙකකට පමණ පෙර ගාල්ලේදි මට සුභාෂ් මුණගැසුණා, ඉතිං එදා සුභාෂ්ගේ අදහසක් තමයි අද හමුවට පාදකවුනේ.
එදා සිට දින කිහිපයක් අපේ සහෘදයන් ගණනාවකට දුරකථන ඇමතුම් දෙමින් අද හමුවට ආරාධනා කළා. කෙසේ නමුත් අද අපේ සහෘදයන් 11 දෙනෙක් පමණක් පැමිණියා.
විවිධ වැඩ නිසා වෙනදා කළින්ම පැමිනෙන එදිරි ආවේ අන්තිමට. අප හැම දෙනාම අද දේශපාලනික, ආර්ථික, සාමාජීය හා සංස්කෘතික මාතෘකා ඔස්සේ දොඩමළු උනා. ඉතිං ඒ හැම කථාවකම මම දැක්කෙ අපේ ලබැඳියාව.
මට මතකයි එක වෙලාවකදි සුභාෂ් කිව්වා " බලපං අපි අද මෙහෙම හම්බවෙලා කථා කරනකොට, අපි අවුරුදු ගණනක් වෙන් වෙලා හිටියා කියලා දැනෙන්නෙ නැහැ, එදා අපි කැම්පස් එකේදි ඉන්නවා වගෙයි දැනෙන්නෙ " කියලා. ඔව් ඇත්තටම ඒක සත්‍යයක්. හේතුව තමයි අපි ගතින් වෙන්වෙලා සිටියත් අපි හැමදාම සිතින් එක්වෙලා සිටීම.
අපේ සැමදෙනාගෙම අදහස වූයේ මෙම හමුව සෑම වසරකම පැවැත්වීම. ඉතිං ඒ අනුව මීලඟ හමුව මේ වසරේ දෙසැම්බර් මාතර පවත්වමු කියලා යෝජනා උනා. සංවිධාන කටයුතු හේමන්ත (නෝටෝක්) සහ එදිරි බාරගත්තා.
අපේ තොරතුරු හුවමරුවට තාක්ෂණය යොදාගත යුතුයි කියලා සැම දෙනාම අදහස් කල නිසා මම අපේ බ්ලොග් එක හදන්න බාරගත්තා. ඉතිං පැමිණි. නොපැමිණි සියළු දෙනාම කමෙන්ට්ස් එවන්න.
අද දවසේ අපිත් එක්ක සතුට බෙදාගන්න එක්වු සහෘද කැල ගේ ඡායා රූප ටිකකුත් මේකට එකතු කරනවා